වෙසමුණි

වෙසමුණි

135p

40 comments posted · 9 followers · following 19

10 years ago @ http://33000.lk/ - ඇමති පුත... · 0 replies · +9 points

හාහා දැන් විමල් වීරවංස කියයි Google එක block කරපන් කියල.

11 years ago @ Gossip9.com - දඩයක්කර... · 1 reply · +36 points

ඔව් බන්, හැබැයි ඔය ඇමතිතුමා ස්වභාවධර්මයට කිසිම ආදරයක් තියෙන නෙමෙයි. Ministry එක ලැබිච්ච නිසා කරනවා මිසක් ඒකට කිසිම සුදුසුකමක් තියෙන කෙනෙක් නෙමෙයි. දැන් ඕකේ ඉන්න නිලධාරින් ටිකත් ඔච්චර තමයි. උන්ට නිකන් මේවා පොඩි පොඩි නිව්ස් මිසක් උඹල අපිට වගේ හදවත පිච්චිලා යන හැගීමක් නැහැ.

11 years ago @ Gossip9.com - දඩයක්කර... · 0 replies · +15 points

කාලකන්නි පර බල්ලෝ. තොපි ඔය දල දෙක විකුණලා හම්බ කරන සල්ලි වලින් කන කන බත් ඇටයක් ගානේ විදවපන්!..
වනජීවි දෙපාර්තමේන්තුව, උඹල ඉන්නවට වඩා හොඳයි යකෝ රටේ වනාන්තර ටික පවරා දුන්නනම් වනසතුන්ට/වනාන්තර වලට හදවතින්ම ආදරය කරන සංවිධාන වලට.

11 years ago @ Gossip9.com - ලම්බෝගි... · 0 replies · +46 points

ඉතින් බන් උන්ම තමයි උඩ දාගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන්නේ. අනේ අපේ රත්තරන් ඇමතිතුමා, අපේ ඉස්තරම් රජතුමා කියා කියා..

11 years ago @ Gossip9.com - ලම්බෝගි... · 0 replies · +58 points

මම හොයල බලල දැන ගත්ත විදිහට නම් "Racing Car" බදු සහනය ලැබෙන්නෙ "track only, not road legal" වාහන වලට විතරයි. නමුත් ඉතින් ඕක පිට දාල අපේ දේශපාලුවෝ සහ උන්ගේ උන් හොඳ හොඳ වාහන ටිකක් ගෙන්න ගනියි. උඹල අපි වගේ ඉගෙනගෙන හම්බ කරලා අමාරුවෙන් වාහන ගත්ත උන්ට වෙන්නේ බල්ලො වගේ අපේ ලඩි ටික පාරෙන් අයින් කරගෙන උන්ගේ escorts වලට ඉඩ දෙන්න තමයි.

11 years ago @ Gossip9.com - සුදර්මන... · 2 replies · +63 points

සහතික ඇත්ත කතාව. ත්‍රිවිධ හමුදා සහ පොලීසි වල තවම හොඳ මිනිස්සු ඉන්නවා මචන්. හැබැයි ඒ මිනිස්සු ඉන්නේ හුඟක් දුරට දුෂ්කර පළාත් වල තියෙන කඳවුරු වල. කොළඹට සහ නගර වලට පත් වෙලා ඇවිල්ල ඉන්නේ uniform ඌශ්නෙ ඔලුවට ගහපු උන්. ඔය welding gloves දාගෙන යක්කු වගේ Defender escorts එලවන උන් ජීවිතේට front-line එකක හිටපු උන් නෙමෙයි. මුන්ට පුළුවන් අහිංසක මිනිස්සුන්ට පාර්ට් දාන්න විතරයි. මම ගිය සතියේ Food City එකකට ගියා, කාර් පාර්ක් එක full, එතකොටම වගේ කාර් එකක් riverse කරන්න හදනවා. මම ඉතින් ඒ මනුස්සයට reverse කරන්න ඉඩ දීල ටිකක් පස්සට අරන් හිටිය, මෙන්න බොලේ එක පාරටම පිටිපස්සෙන් ආපු full tint ගහපු කළු car එකක් පාර්ක් කලා. මම signal දාල හිටියේ, ඉතින් මේ හාල්පාරුව එක්ක මට තද වෙලා ඌට බනින්න හිතිලා බැලුව car එකේ number plate එක. "නාහ", "off duty" පිම්බිච්ච Navy කෙනෙක්.

මම එත් ඌට නිකම් කිව්වා, "මොනවද මචන්, මම එතන පාර්ක් කරන්න හිටියේ, එහෙම එකේ පස්සෙන් ඇවිත් wrong side දාල පාර්ක් කරපු විදිහ හොඳ නැහැ නේද?" යකෝ, ඌට තද වෙච්ච විදිහ දැක්ක නම් හිනා යනවා. ඌ පිස්සෙක් වගේ කුණුහරුපෙන් කෑ ගහල, හරියට නිකම් උත්පතියෙන්ම ඌට රට අයිතියි වගේ හැසිරිලා යන්න ගියා. මම ගියේ මගේ පොඩි කාර් කට්ටෙ. ඔය ලොකු රතු plate ගහපු Land Cruiser එකක ගියා නම් එහෙම ඕකා ඔය දේ කරන්නේ නැහැ. මේ වගේ සිද්ධි මම සෑහෙන්න දැකල තියෙනවා.

යුද්ධෙ තියෙන දවස් වල වත් මෙහෙම පහත් විදිහට Forces කට්ටිය හැසිරුනේ නැහැ. ඒක නිසා තමයි මිනිස්සු ගිහින් බෝධි පූජා තිබ්බේ, බාර වුනේ. දැන් නම් මට මේවා දැකල දැකල මුන්ව දැක්කම හිරිකිතයි.

මුන් නිකන් දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන්ගේ අතකොලු බවට පත් වෙලා ඉවරයි. නිධන් හාරන්න, වනාන්තර විනාස කරන්න, වන සතුන් දඩයම් කරන්න, මැණික් ගරන්න, අනවසර වැලි ගොඩ දාන්න දැන් උපන් හපන්නු. හැබැයි අයියලට එකක් තේරෙන්නේ නැහැ, අතට පඩිය කියල එකක් එන්නේ සාමාන්‍ය ජනතාව දුක් විඳලා මහන්සි වෙලා හම්බ කර බදු වලින් මිසක් උන් වැඳ වැටිලා සේවය කරන හොරුන්ගෙන් නෙමෙයි කියල.

11 years ago @ Gossip9.com - ගාල්ලේ ප... · 0 replies · +66 points

සෑහෙන දුකයි මේවා දකිනකොට.. මොකක්ද අපේ රටට වේගෙන යන්නෙ.. වටේ හිටපු මිනිස්සු මොනවා කරන්නද, යක්කු ටිකක් මන්න අරන් කොටාගෙන යනකොට, කාට කාටත් ඒ වෙලාවට තමන්ගේ ජීවිතය තමයි වටින්නේ.. නමුත් අර පොලිස් මහත්තුරු දෙන්නට තිබුනනේ අඩු ගානේ ඉක්මනට පොලිස් ස්ථානයට වාර්තා කරන්න, සමහර විට වෑන් එක අල්ල ගන්න තිබ්බ.. උන්ට පුළුවන් ඉතින් තනි ඉරක් කැපුවොත් මහා ලොකු lecture දෙන්ඩයි, කොහේ හරි තියෙන Spa ටිකක් අල්ලන්යි නේ. ඒවා තමයි මුන්ට ප්‍රශ්න. අනේ යකෝ.

11 years ago @ Gossip9.com - ලංකාවේ ල... · 4 replies · +28 points

එක පාර බෝ වෙලා නෙමෙයි මචන්, පහුගිය අවුරුදු වල දරුණු විදිහට අනවසර කැලා කැපීම් වැඩි වෙලා. රක්ෂිත වනාන්තර පවා හිතක් පපුවක් නැතුව එලි කරනවා ලී හොරු සහ ඉඩම් හොරු. අපේ අතිගරු පාරිසරික ඇමතිය කරන්නේ තව තව නීති ලිහිල් කරනේ එකනේ පරිසරය විනාශ වෙන්න. ඉතින් මේ වගේ කැලේට වෙලා ඉන්න සත්තු තමුන්ගේ වාසස්ථාන අහිමි වෙනකොට නිකම්ම මිනිස්සු ඉන්න ප්‍රදේශ වලට එන එක අහන්නත් දෙයක්ද. තව අවුරුදු දහයක් පහලවක් යනකොට ඉතින් සත්තු බලන්න වෙන්නේ Zoo එකේ කූඩු වල තමයි.

11 years ago @ Gossip9.com - අඟහරුට ය... · 0 replies · +10 points

චම්පික රණවක
මේ ඇමතිතුමා තව ගෞරවාන්විත ජයග්‍රහණයන් කරලා තියෙනවා. වනජීවී සංරක්ෂණ (විනාශ) කිරීමේ අමාත්යංශය පාලනය කරද්දී තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානය දෙකඩ කරපු අඩි තිහක් පළල පාරට උපරිම සහයෝගය සහ සියලු අනුමැතියන් ලබා දී, අපගේ ජාතික වස්තුවක් වන විල්පත්තුව විනාශ මුඛයට ඇද දැමීම. ඊට පසු, එය පෙර සිට පැවති ආදී පාරක් "යන්තම්" දියුණු කලේ, එකෙන් කිසිම හානියක් නැහැ කියා බොරුවට පාරම් බෑම.

එස්. එම්. චන්ද්‍රසේන ඇමතිතුමා -
මීට පෙර කිසිම කිසිම පුද්ගලයෙක් නොකරපු තරමේ විනාශයක් අපගේ ජාතික වනෝද්‍යාන වලට කිරීම. අධි සංරක්ෂණ කලාප සහ අලි මංකඩවල් ලෙස වෙන් කර තිබු කැලා අනවසරයෙන් එලි කිරීම් වලට ඉඩ දීම. ජාතික වස්තු වන ඝන වනාන්තර ලී හොරුන්ට පාවා දීම. මන්දබුද්ධික ගණයේ සමීක්ෂණයක් කර ලංකාවේ වල් අලි අධික බව සොයා ගැනීම සහ එම බූරු දත්ත පෙන්නා, නිදහසේ වසපු අලි පැටවූ අල්ලා හොර පන්සල් වලට සහ කාලකන්නි "ප්‍රභූ" හොරුන්ට දීම. "බඩුත් සමග හොරු" අල්ලා ගත් අවස්ථා වල (දුමින්ද දිසානායක මහතාගේ නිවසින් දිවි හම් අල්ලා ගැනීම වැනි) තමාගේ අමාත්‍ය බලය පෙන්වා හොරුන්ව නිදොස් කර ගැනීම. "tourism has improved immensly" කියන පාඨය කියා කියා පාරම් බා, වනෝද්‍යාන වලින් ලැබෙන විශාල අදායමෙන් කොටසක් හෝ සංරක්ෂණ කටයුතු හා වනජීවී නියමකින්ගේ සුභ සිද්ධියට නොදීම. තමන්ගේ යාලු මිත්‍ර හැත්ත බුරුත්ත සියල්ලනට රිසි සේ වනෝද්‍යාන තුල පිස්සු නටන්නට දීම වැනි වීර ක්‍රියා රැසක් කිරීම.

11 years ago @ http://www.gossiplanka... - Python Brings A Vacati... · 0 replies · +4 points

එක පාර බෝ වෙලා නෙමෙයි මචන්, පහුගිය අවුරුදු වල දරුණු විදිහට අනවසර කැලා කැපීම් වැඩි වෙලා. රක්ෂිත වනාන්තර පවා හිතක් පපුවක් නැතුව එලි කරනවා ලී හොරු සහ ඉඩම් හොරු. අපේ අතිගරු පාරිසරික ඇමතිය කරන්නේ තව තව නීති ලිහිල් කරනේ එකනේ පරිසරය විනාශ වෙන්න. ඉතින් මේ වගේ කැලේට වෙලා ඉන්න සත්තු තමුන්ගේ වාසස්ථාන අහිමි වෙනකොට නිකම්ම මිනිස්සු ඉන්න ප්‍රදේශ වලට එන එක අහන්නත් දෙයක්ද. තව අවුරුදු දහයක් පහලවක් යනකොට ඉතින් සත්තු බලන්න වෙන්නේ Zoo එකේ කූඩු වල තමයි.