Dr.S.N.Hewage (PhD)

Dr.S.N.Hewage (PhD)

117p

128 comments posted · 532 followers · following 273

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +9 points

අද වන විට විවිධ හේතු සාධක මත මිනිසා ආගමෙන් ඈත් වෙමින් තිබෙන බව පෙනේ. මෙලොව ජීවිතයේ සුඛ විහරණය, ආරක්‍ෂාව වෙනුවෙන් ආගම් අදහන පිරිස් වැඩි වන අතර සැබෑ ආගමික ශික්‍ෂණයකින් යුතු පුරවැසියන් දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි. රටක සමාජ සංවරය ඇති කිරීම සඳහා නීතියට වඩා ආගම ප්‍රබලය. එහෙයින් ක්‍රම ක්‍රමයෙන් ආගමෙන් දුරස්වන පුද්ගලයන් ආගමික ජීවිතයකට නැඹුරු කිරීමෙන් වැරදි මානව චර්යාවන් හේතුවෙන් ගොඩ නැගී ඇති සමාජ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් සමාජයේ අවධානය යොමුවී තිබේ.වත්මන් මිනිසා මුහුණ දී සිටින අර්බුද බොහෝමයකටම ආගම් තුළින් විසඳුම් සොයා ගත හැකි බව විශ්වාස කරමින් ආගම් හා මිනිසාත් අතර පවතින දුරස්ථ බව අවම කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙන නමුදු ඒවායේ අඩුපාඩුකම් නිසා තවමත් මානවයාගේ සාරධර්ම පෝෂනය නිසා පරිදි නොවීමේ ගැටලුව මෙහි දී ඉස්මතු වී පෙනෙයි.

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +8 points

වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි.

විධිමත් අධ්‍යාපනය
අවිධිමත් අධ්‍යාපනය
නොවිධිමත් අධ්‍යාපනය

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 1 reply · +5 points

අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි.

අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව
කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව (සාධාරණත්වය, අදාළත්වය, විශිෂ්ටත්වය)
අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.(ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් )

මීට අමතරව,

දැනගැනීම සඳහා ඉගෙනීම
යමක් කිරීම සඳහා ඉගෙනීම'
එකට ජීවත්වීම සඳහා ඉගෙනීම
දිවිපැවැත්ම සඳහා ඉගෙනීම

ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි.

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 1 reply · +3 points

පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව , ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක.

අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය.

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +8 points


අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි.

සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි.

අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි.

අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ.

අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.

සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.

අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය.

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +5 points

අධ්‍යාපනය යනු යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි.

අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ.

9 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 1 reply · +5 points

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducere, educo) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.

9 years ago @ http://www.gossiplanka... - fmïj;d iuÕ... · 0 replies · +1 points

අනුන්ගේ අවධානය ලබාගැනීමද සමහරකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කරති.හදිසි ආවෙිග චිත්ත පීඩානිසා හදසි තීරනය මතද සියදිවි හානිකර ගනු ලැබෙි.එවැනි හානිකරගැනීමි චිත්ත ආවෙිග පීඩා දැරිය නොහැකි කමින්ම කලින් සැලසුමි කිරිමෙන් තොරවම හදිසියේම කර ගැනීමට ඉඩ ඇත.ආගමික පෙලඹවීමි මුල්කරගනිමින් සිදු කරගන්නා දිවිනසා ගැනීමද දැකිය හැක.සමාජයට යමි බලපැමක් සිදුකිරිමෙ අරමුනින්ද දිවිහානි කරගන්නා අය සිටි.සිය දිවි නසා ගැනීමට යොමු වී ඇති ක්‍රායකයන්ට ඖෂධීය ප්‍රතිකාර හා මනෝ උපදේශන ප්‍රතිකාර අවශ්‍ය කෙරේ.මෙමගින් සිය දිවි නසා ගැනීම වැළැක්වීමට කටයුතු කල හැක.

9 years ago @ http://www.gossiplanka... - fmïj;d iuÕ... · 0 replies · +2 points

දිවි නසා ගන්නන් එම ක්‍රියාවේ නිරත වන්නේද පහත අරමුණු මුල් කොට ගෙනය.
. 1) පලායාම-ආතතියෙන් මිදීම හෝ ගැටලුවෙන් පලා යාම සදහා මිනිසුන් සිය දිවි නසා ගනී.

2) පලිගැනීම-20% සිය දිවි නසා ගැනීම වෛරය හා පලිගැනීම මත සිදුවේ.

3) පරාර්ථය

4) අන්තරාවට ප්‍රිය කිරීම

5) මිශ්‍ර
ලංකාවේ දිවි නසා ගැනීම සඳහා මූලික හේතූන් ලෙස මානසික රෝග,ප්‍රේම සබඳතා බිඳවැටීම,මධුලෝලීතාවය,විභාග ආතතිය,ස්ථානමාරු සහ සේවා ස්ථානයේ ගැටුම්,අන්තර් පුද්ගල ගැටුම දුගී බව නිසා ඇති වන කලකිරීම, දරැනු කායික රෝගාබාධ නිසා ඇති වන කලකිරීම, විශාදරෝගය, ස්කිත්සොප්‍රේනියාව, මත්පැන් භාවිතයේදි ඇතිවන කායික මානසික ගැටලු.පෞරැෂමය ගැටලු. භින්නෝන්මාදය වැනි තත්ත්වයන්,බලාපොරොත්තු බිදවැටීම දුගි අසරණ බව ජිවත්වීමෙ ආර්ථිකමය ගැටලු සමාජයෙන් හුදකලාව සිටිම,විරැකියාව වැනි හේතු සාධක වෙී.

9 years ago @ http://www.gossiplanka... - fmïj;d iuÕ... · 0 replies · +2 points

*ලෝකය පුරාම එක් වසරකදි මිලියනක පමනක් පිරිසක් සියදිවි නසා ගනිති.
*සියදිවි නසා ගැනීමට උත්සහ දරන පිරිස මිලියන 10 ක් පමණ වෙි.
*ලෝකයේ මිනිස් මරණ සිදුවන ප්‍රධාන හේතු කාරක 10න් එකක් වනුයේ සියදිවි නසා ගැනීමය.
*යෞවන වයසේදි සියදිවි නසාගැනීමෙ ප්‍රතිශතය 60% පමන වෙි.
*ජනගහන අනුපාතයට අනුව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට ලංකාවය.
*දිවි නසා ගැනීම ශ්‍රී ලංකාවේ හතරවන මරණ කාරකයයි.
* දිවි නසා ගැනීම පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තා අනුව දිවි නසාගත් පුද්ගලයන්ගෙන්18% - 38% ප්‍රමාණයක් මීට පෙර දිවි නසා ගැනීම් සඳහා අසාර්ථක උත්සාහයන්ගේ නිරතවූ කොටස්ය.
1985 සිට 2000 දක්වා ලංකාවෙි යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දළවශයෙන් 50000 පමනය.එම කාලය ඇතුලතම සියදිවි හානිකරගත් සංඛ්‍යාව 106000 පමණ වෙි.ලංකාවෙ 70% ක් සියදිවි නසාගැනීමි වාර්ථා වනුයේ ග්‍රාමීය කෘෂි ප්‍රදේශ ආශ්‍රිතවය .ලංකාවෙ සිය දිවිනසා ගන්නා අයගෙන් 50% පමන යමි තදබල මානසික ගැටලු රෝගි තත්ත්වයක් නිසා සිය දිවි නසා ගන්නා බව අනාවරණය කරගෙන ඇත.