සුජිත් නිශාන්ත හේවගේ

සුජිත් නිශාන්ත හේවගේ

-74p

4 comments posted · 19 followers · following 14

7 years ago @ http://www.gossiplanka... - මහ බැංකු... · 4 replies · +45 points

එරාන් දේශපාලනඥයෙකි.මහ බැංකු අධිපති තනතුර රාජ්‍ය නිලධාරි පත්වීමකි.කොයිතරම් ලොකු වුනත් පොඩි වුනත් රාජ්‍ය නිලධාරි පත්කිරීම් සිදු කළ යුතු වනුයේ ආයතන සංග්‍රහ නීතිරීති මුදල් රෙගුලාසි පොත්වල සඳහන් නියමයන්ට අනුකූලවයි.රජයේ සේවයෙහි යෙදී සිටින අය මේ බව මනාව දනිති.නමුත් අවාසනාවකට මෙන් කමෙන්ට්කරුවන්ගෙන් බහුතරය මෙය නිවැරදිව වටහා නොගැනීමයි.මෙය වරදවා වටහාගත් ඔවුහු දේශපාලකයෙකු රාජ්‍ය නිලධාරියෙකු බවට පත්වීම අනුමත කරති.අපේ රටේ පරිපාලන ව්‍යුහය අනුව දේශපාලකයා නිතරම සිටිනුයේ රාජ්‍ය නිලධාරි පත්වීම්වලට ඉහලිනි.විශ්වවිද්‍යාලවල උපකුලපති තනතුරු දැරූ රටේ නම ගිය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු (මහාචාර්ය ජී එල් පීරිස් ) පවා රජයේ රැකියා අත්හැර දමා දේශපාලනය තෝරා ගැනීමටද හේතුව මෙයයි.දේශපාලකයෙකු කෙතරම් වෘත්තිය අධ්‍යාපන සුදුසුකම් ලබා සිටියද ආයිමත් රාජ්‍ය නිලධාරියෙකු බවට පත් වීමට කැමැති නැත්තේ එය ඔහුව පහළට ඇද දමන්නක් හෙයිනි.සැමට බුද්ධිය පහළ වේවා.

7 years ago @ http://www.gossiplanka... - lvqfj, uyfujqkd wimqj ... · 0 replies · +2 points

කවදාවත්ම මහමෙව්නාවේ වැඩ සිටින සුපේශල ශික්ෂාකාමී මහ සංඝරත්නය හෙලා දැක කතා කරන්න එපා. උන්වහන්සේලා රහතන් වහන්සේලා වගේම හරිම සිල්වත්. ඒ වගේම සමාජ සේවය කෙරෙහි උපරිම කැප වෙලා ක්‍රියා කරන පිරිසක් තමයි උන්වහන්සේලා. උන්වහන්සේලාහට අපහාස කරලා පව් පුරවා ගන්නේ නැතුව උන්වහන්සේලාගෙන් සිදුවන ශාසනික සේවය අගය කරන්න මේක හොද අවස්ථාවක් කරගන්නා මෙන් මම හැම දෙනාගෙන්ම බෞහෝම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

7 years ago @ http://www.gossiplanka... - àI¾Ü... · 3 replies · -19 points

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මෙ රටේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙනුවෙන් කැපවූ එම සංවේදී මොහොත ඉතාමත්ම හෘදයාංගවම නැරඹු අප නෙතටද නොදැනුවත්වම උණුසුම් කඳුළු බිඳුවක් උනා පැමිණියේ නෙතටද රහසිනි. පක්ෂ පාට කුලමල ජාති භේද කිසිත් නොතකන ඔබතුමාගේ උතුම් සම්ප්‍රාප්තිය නිසා අසරණ විපතට පත්වූ අහිංසක මහ ජනතාව බෙහෙවින් අස්වැසිල්ලට පත් වූ බව එදා සියැසින් දැක ගැනීමට තරම් භාග්‍යවන්තවීම සසරේදී සිදු කළ පින්කමක් යැයි සිතමි. ගරුතර ජනාධිපතිතුමනි මේ උතුම් පරිත්‍යාගශීළී බෝසත් ක්‍රියාවන් මේ රටේ මහජනතාවද ආදර්ශයට ගෙන කිසිදු බේදයකින් තොරව සෑම පුද්ගලයෙකු කෙරෙහිම මෙත් සිතිවිලි පහළ කර ගනු ඇති බවට සාක්ෂි දරන්නේමු. ඔබතුමාහට උතුම් දළඳා සමිඳු හිමි රැකවරණයි තෙරුවන් සරණයි !!!

7 years ago @ http://www.gossiplanka... - Wellampitiya People\'s... · 1 reply · +11 points

හූ කියන එක අපේ රටේ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙවෙයි. අපි පුරාණ කාලේ ඉදලාම හූ කියලා හොඳ පළපුරුද්දක් තියෙනවා. පුරාණ සන්නිවේදන තාක්ෂණික මෙවලම් වර්තමානයේ මෙන් දියුණු මට්ටමක නොතිබූ කාලයේදී කිසියම් දුර ප්‍රමාණයක් මැන ගැනීම සදහා සන්නිවේදන අවශ්‍යතාවයන් තෘප්ත කර ගැනීම සඳහා ඉතාම සාර්ථක ලෙස හූ කීම භාවිතයට ගෙන ඇති බව හූවක දුර යන යෙදුම අනුව පැහැදිලි වේ. කෘෂි කාර්මික සමාජයේ දී සතුන් එලවීම හේන් ගොවියන් අතර ඇති වන සන්නිවේදන අවශ්‍යතා වැනි දේවලදී හූ කීම අපේ සංස්කෘතියෙහිම පවතියි. එබැවින් හූ කීම යමක හොඳ නරක බව ප්‍රමාණ කිරීමෙහිලා විද්‍යාත්මක සාධකයක් කර ගැනීමේ අයෝග්‍යතාව මෙහිදි පෙන්වා දිය හැකියි.