dhanukafern

dhanukafern

93p

7 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +3 points

Part 5
මීට අමතරව සිදුවීමෙහි ආරම්භයෙහි සිටම වැලිවේරිය පොලිසිය සහ ගම්පහ ප්‍රදේශය භාරව සිටි අනුර සේනානායක පොලිස් නිළධාරියා විසින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් ජනතාව කුපිත කිරීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග නොගැනීමත් මෙම ගැටළුව මෙතරම් දුර දිග යන්නට හේතු විය.
අවසානයේදී කර්මාන්තශාලාව බියගම ප්‍රදේශය වෙත රැගෙන ගිය අතර එය අද වන තුරුද එය වැඩබලන කර්මාන්තශාලා කළමණාකරුවෙකු යටතෙහි පවත්වාගෙන යන අතර නැවත ආරම්භ කිරීමේදී දුෂ්කර කාලපරිච්චේදය තුළ ආයතනය සමග සිටි බොහෝ සේවක පිරිසක් නැවත සේවයෙන් ඉවත් කර හෝ ස්ථාන මාරු ලබා දී ඔවුන්ගේ ජීවිත අද වනවිටද ඉතා දුක්ඛිත තත්වයට පත් වී ඇත.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 1 reply · +4 points

ඔයාලට මේ සිදුවීමේ සත්‍ය කතාව දැන ගන්න ඕනානම් මගේ නමින් (dhanukafern) දාලා තියෙන comments ටික පිළිවෙලට කියවන්න.පළවෙනි එකට අංකයක් නෑ. දෙවෙනි එකේ ඉඳන් Part 2, Part 3, Part 4, Part 5 කියලා දාලා තියෙනවා. මම මේක දාන්නේ මේ ප්‍රශ්නේදි දුක් විඳපු හැමෝම වෙනුවෙන් සමාජය ඇත්ත දැන ගත යුතු නිසයි.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +6 points

Last part
කෙසේ නමුත් අද වන විට සත්‍යය පැහැදිළි වෙමින් පැවතීම මේ පිළිබඳ සත්‍යය දන්නා සහ මෙම ගැටළුවේදී සත්‍යය වෙනුවෙන් සාක්ෂි දැරීමට යාම නිසා අද වන විටද අසරණ වී සිටින සෑම පාර්ශවයකටම සැනසීමට කාරණාවකි. එසේම මෙම ගැටළුවේදී නිරපරාදේ සිය ජීවිත අහිමි වූ සොයුරන් තුන් දෙනාටද නිවන් සුව හෝ සමාදානයෙහි සැතපීම ප්‍රාර්ථනා කළ යුතුමය.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +5 points

Part 4
ඊට අමතරව මෙම ගැටළුව ඇතිවීමත් සමග මෙම කර්මාන්තශාලාව අයත් හේලිස් සමූහයේ DPL සමාගමෙහි ඉහළ කළමණාකාරීත්වයෙහි තිබූ පිල් බෙදීමක් හිස එසවීම නිසා මෙම ගැටළුව විසඳා ගැනීමට සහය වීමට හෝ මේ පිළිබඳ සත්‍යය රටට දැක්වීමට හෝ සමාගම උනන්දු වුණේ නෑ. එහි ප්‍රථිඵලයක් ලෙස අදාළ මරණ 3 සිදු වීමත් සමග මෙම කර්මාන්තශාලාව ඉවත් කළ යුතු බව රජය තීරණය කරන තුරු හේ*ස් සමූහය මේ පිළිබඳ මුනිවත රැකි අතර, ඉන් පසු ඔවුන් මෙම කර්මාන්තශාලාවෙහි කළමණාකාරීත්වය දැරූ පිරිසට සේවයෙන් ඉවත් වීමට බල කර ඔවුන් සේවයෙන් ඉවත් කිරීමටත්, වැඩවර්ජනය නිසා සේවය අහිමි කළ අ.ස.සේ.සං සාමාජිකයින් විසින් ගමේ ජනතාව වෙත දැන්වූ වැරදි ප්‍රචාර නිවැරදි කිරීමටත් එසේ කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස නව කළමණාකාරීත්වයක් යටතෙහි ඔවුන් නැවත සේවයෙහි පිහිටුවීමටත් සූදානම් වූ නමුත් ඒ වනවිට ඔවුන්ටත් පාලනය කළ නොහැකි වන තරමට මෙම ගැටළුව වෙත විවිධ වාසි අපේක්ෂාවෙන් එකතු වූ රාජ්‍ය නොවන සංවිධාන සහ ගමේ පිරිස් (තෙරිපැහැ සිරි*ම්ම නම් චීවරධාරියා, සියනෑ ජල සුරැකීමේ සංවිධානයෙහි සමහර පිරිස්)ජනතාව කුපිත කරවීම නිසා එම උත්සාහය අසාර්ථක විය.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +4 points

Part 3
ඒ දවස්වලම මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්‍යංශය කරපු හැම පරීක්ෂණයකින්ම තහවුරු වෙලා තිබුණා මෙම ප්‍රදේශයේ ජලයේ අගය අඩු වීමේ ගැටළුවට මෙම කර්මාන්තශාලාවෙහි සම්බන්ධයක් නොතිබූ බව. නමුත් ඒ දිනවල සියළු දේශපාලකයන් බස්නාහිර පළාත් සභා චන්දය ඉලක්ක කරගෙන තමන්ට හිතුණු හිතුණු දේ ප්‍රකාශ කිරීමත්, රටේ සියළුම ජනමාධ්‍ය පාහේ සත්‍යය වෙනුවට ඒකපාර්ශවික කරුණු වාර්ථා කිරීමත් නිසා ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටේම ජනතාව මුලාවට ලක්වුණා. විශේෂයෙන් පැවති රජය මෙම ගැටළුව විසඳීමට නිවැරදි ක්‍රියාමාර්ග නොගත් අතර අවසානයේ ජනතාව වැරදි අවබෝධයෙන් පාරට බැසීමත් එයින් නොනැවතී ජීවිත 3ක් අහිමි වීමත් සිදු වුණා.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +3 points

Part 2
ඔය සිද්ධිය ඇති වීමට කලකට පෙර 2005 වසරේදී ලංකාවම ආවරණය වන පරිදි සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල වලට අනුව හෙළි වී තිබුණා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ජලය බීමට සුදුසු තත්වයේ නොමැති බව. නමුත් මහජනතාව කලබල විය හැකි බැවින් රජය එම වාර්ථාව ප්‍රසිද්ධ කළේ නැත. එම වාර්ථාවට අනුව අත්තනගලු ඔයෙහි ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයත් මෙම අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබුණා. මෙයට පිළියමක් ලෙස කිරිඳිවැල යෝධ ජල යෝජනා ක්‍රමයක්ද සැලසුම් කරමින් තිබුණා.
ඒ දවස්වලම මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්‍යංශය කරපු හැම පරීක්ෂණයකින්ම තහවුරු වෙලා තිබුණා මෙම ප්‍රදේශයේ ජලයේ අගය අඩු වීමේ ගැටළුවට මෙම කර්මාන්තශාලාවෙහි සම්බන්ධයක් නොතිබූ බව.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +50 points

ඔය වතුර ප්‍රශ්නෙ එන්න මාස 6 කට විතර කලින් ඔය පැක්ට්‍රියේ තිබුනු JVP යුනියන් එක (අ.ස.සේ.සං.) ස්ට්‍රයික් එකකට එලියට බැහැලා ආයෙත් වැඩට එන්න කියලා කම්පැණිය කියපු එක අහපු නැති නිසා, කම්පැණි‍ය ඒ ස්ට්‍රයික් කරපු 160 කගෙ විතර ජොබ් ටර්මිනේට් කළා. ඊට පස්සෙ එයින් කොටසක් පැක්ට්‍රිය ඉස්සරහා ඉඩමක ඉඳගෙන මාස ගාණක් සත්‍යග්‍රහ කළා. ඒ කරන අතරේ කම්පැණියත් එක්ක තිබුණු තරහට ගමේ මිනිස්සුන්ගෙ ඔළුවට ඔය පැක්ට්‍රිය නිසා ගමේ ළිං වල වතුර අවුල් වෙනවා කියන අදහස ටික ටික දැම්මා. කලින් පැක්ට්‍රියේ වැඩ කරපු පිරිසක්ම ඒක කිව්ව නිසා ගමේ මිනිස්සුත් ඒක පිළිගත්තා. මුල් කාලේ ඔය ගමේ මිනිස්සු ගොඩක් අය ඔය PH අගයට කිව්වේ PHI අගය කියලා (ඒ දවස් වල ඔය ගැන බලන්න PHI මහත්වරු නිතර ඔය ප්‍රදේශයට ආව ගිය නිසා). ඒත් ඒ දවස් වල කරපු පරීක්ෂණ වලින් පවා ඔප්පු උනා ඒකට ඔය පැක්ට්‍රියේ සම්බන්ධයක් නෑ කියලා.