ගොපල්ලා

ගොපල්ලා

181p

74 comments posted · 183 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - වික්ටර් ... · 1 reply · +13 points

අපේ මිනිස්සුන්ට අර්ජුන් මහේන්ද්‍රන් කියන තක්කඩියා කරපු මහ බැංකු මහා හොරකම සහ එහි පරීක්ෂණවල ප්‍රගතිය ඔක්කොම කැලේ, වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය ගැන එක එක නිව්ස් යන්න ගත්තාම. අනේ මේ වගේ ගොන් මෝඩ ජාතියක්. මේ වගේ හද්ද මෝඩ, තකතීරු, 24 පැයේම අනුන්ගේ ඇද කුද හොයන මිනිස්සු බහුතරයක් පිරිලා ඉන්නා ඒකේ, දේශපාලුවො මහ දවල් රටේ මිනිස්සුන්ට *කේ අරින එක පුදුමයක් නෙවේ :$
අපරාදෙ අර්ජුනයා රුපියල් බිලියන 15ක් මාටියා ගැහුවේ. බිලියන 150ක් විතරම ගහන්න තිබ්බේ. ඒත් අපේ මිනිස්සුන්ට ගාණක් නෑ. VAT 15%, NBT 2% නෙවේ. VAT 30%, NBT 10% ගැහුවත් කටෙයි *කෙයි ඇඟිල්ල ගහගෙන, ඕප දුප ශෙයාර් කර කර, FB එකේ කොට කොට ඉඳීවි :@

7 years ago @ http://www.gossiplanka... - මම මෙතැන... · 8 replies · +60 points

වික්ටර් රත්නායකගේ ක්‍රියාකලාපය ගැන පෞද්ගලික විවේචනයක් තිබ්බට, අවසානයේ මෙය ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ දෙයක් නිසා, අපි මේ ගැන අපේ කාලය කැපකර ගෙන කතා කරන එක තේරුමක් නෑ. මොකද වික්ටර්ට කසාද බඳින්න නීතියෙන් සීමාවක් නෑ මොකද ඔහු වැන්දඹු පුරුෂයෙක් හින්දා. දෙක, ඒ කෙල්ල වික්ටර්ට කැමති නම්, වික්ටර් ඒ කෙල්ලට කැමති නම් එහෙනම් එතනත් ප්‍රශ්ණයක් නෑ. අනිත් එක වික්ටර් කාල ඇඳලා ඉන්නේ තමන්ගෙ සල්ලිවලින්. එහෙව් එකේ අපි මේව ගැන කමෙන්ට් පිට කමෙන්ට් දදා, වාද කර ගන්න එක බොහොම නිශ්ඵල දෙයක්. වික්ටර් රත්නායකව පිළිකුල් අය එයාගෙ සින්දු අහන්නේ නැතුව හිටියාම හරි.

7 years ago @ http://www.gossiplanka... - අගමැති ම... · 2 replies · +92 points

මෙතන සිදු වුනේ වෙන මොකක්වත් නෙවේ, දේශපාලන සහ බිස්නස් සම්බන්ධ හුටපටයක්. පළමුවෙන්ම කියන්න ඕන, මේ නත්තල් ගහේ වැඩ පටන් ගත්තේ දැන් මාස කීපයකට කලින්. ෆවුන්ඩේෂන් වැඩ ඉවරවෙලා, ගහේ උඩට යන කොටසේ වැඩ පටන් ගත්තේ නොවැම්බර් මුල් සතියේ. කාඩිනල්තුමා වැඩකටයුතු නවත්වන්න කිව්වේ දෙසැම්බර් මුල් සතියේ. එතකොට මෙච්චර මාස කීපයක් කාඩිනල්තුමා මේ පිළිබඳ නොදැන ඉන්න එක්කො එතුමා මාස කීපයක් අසිහියෙන් ඉඳලා තියෙන්න ඕන. එතුමා මේ සංකල්පයට අකමැති උනානම් ඒ විරුද්ධත්වය මේ ප්‍රොජෙක්ට් එක සංකල්පමය ලෙස ඉදිරිපත් වෙච්ච කාලෙම කියන්න ඕන. මෙතන උනේ අන්තිම මොහොතෙ පැන නැගිච්ච මොකක් හරි දේශපාලනය සහ බිස්නස් ගෑවිච්ච ලොකු වලියක් හින්දා, එතුමාට සිද්ධ උනා වැඩ නවත්වන්න කියලා කියන්න. අන්තිමට අගමැති මැදිහත් වෙන්න තරම් දුරදිග ගිය එකෙන්ම පේනවා මේකෙ බැරෑරුම්කම.

7 years ago @ http://www.gossiplanka... - නාවික හම... · 0 replies · +8 points

සාටකය බදා ගත්ත බයියන්ටත්, යහපාලනය බදා ගත්ත ටොයියන්ටත් මේවා හොඳ පාඩම්. මහින්දගෙ කාලෙ මීඩියාකාරයන්ට එළව එළව ගහද්දී, රතුපස්වල/කටුනායක/හලාවත සිද්ධිවලදී උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට වෙඩි තියලා මරද්දී, ගෝඨා විමල් වීරවංශගෙ ෆෝන් එකෙන් DIG කෙනෙකුට බල්ලෙක්ට වගේ බනිද්දී, ඇස් කන් නැති උන් වගේ හිටපු බයියො අද මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නිල ඇඳුමේ ගෞරවය ගැන කතා කරද්දී හිනා යන්නේ *කෙන්. ඒ වගේම මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියලා බලයට ආපු ටොයි රජය, මහින්දගේ පාරෙ යමින් උද්ඝෝෂණය කරන මිනිස්සුන්ග ගහන හැටි, මීඩියාකාරයන්ට තඩිබාන හැටි, නිල ඇඳුමේ ගෞරවය බල්ලට් දාන සිද්ධි දකින කොටත් හිනා යන්නේ *කෙන්. මේ රට හැදෙන රටක නෙවේ :$

8 years ago @ http://www.gossiplanka... - Fake Story of Dewmi Se... · 4 replies · +158 points

ඊසොප්ගෙ උපමා කතා පොතේ තියෙනවා නිදා ගෙන හිටපු හාවෙක්, බෙලි ගෙඩියක් බිමට වැටෙන සද්දෙ ඇහිලා, හොයන්නෙ බලන්නෙ නැතුව ගිහින් ලෝකෙ පෙරලෙනවා කියලා අනිත් සත්තුව කලබල කරපු කතාවක්.
ඒ වගේම අද කාලෙ ෆේස් බුක් එකේ ඉන්න සමහර(ක්) ඇවිල්ලත් ඒ නිදා ගෙන හිටපු හාවා වගේ තමා. කිසිම දෙයක ඇත්ත නැත්ත හොයන්නෙ බලන්නෙ නැතුව, මොට්ටයො වගේ ඔහේ ශෙයාර් කරනවා. නිකන් කමෙන්ට්ස් දදා දඟලනවා. ඉතුරු අයගෙනුත් බහුතරය අර අනිත් සත්තු වගේ තමා. කවුරු හරි කියන දෙයක් දොහොත් මුදුන් දීල පිළිගන්නවා. මේ කියන දේ ඇත්තද, ගොතපු කතාවක්ද....ඒ කිසිම දෙයක සෙවිල්ලක් නෑ.

8 years ago @ http://www.gossiplanka... - riafk jeä ksid we... · 1 reply · +44 points

ඕව ගැන කොච්චර කතා කලත් අපේ ගොන් මිනිස්සුන්ට ඔව් තේරෙන්නෑ බන්. දේශපාලඥයො ඇවිල්ලත් සාමාන්‍ය මිනිස්සු වගේ. සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලත් දේශපාලඥයො වගේ. දේශපාලඥයයොයි සාමාන්‍ය මිනිස්සුයි දෙගොල්ලොම බලන්නේ මොකක් හරි ජඩ වැඩක් කරලා, බලු වැඩක් කරලා, යටි කූට්ටු වැඩක් කරලා ගොඩ යන්න. දෙගොල්ලොම ඇවිල්ලා එකම කාසියේ දෙපැත්ත. ඒකයි මේ රටට හෙණ ගැහිලා තියෙන්නේ.
බහුතරයක් මිනිස්සුන්ට පරිසරය ගැන කිසිම වැදගත්කමක් නෑ. නිකන්ම නිකන් ෆෙස්බුස් ශෙයාර් කෙරිලි විතරයි. පැයක් දෙකක් කරන්ට් නැති උනාම නිකන් කලිසමේ ක*ක ගිය උන් වගේ. අපේ මිනිස්සුන්ට මුලින්ම දෙන්න ඕන ට්‍රේනින් එක තමා සතියක් කරන්ට් එකයි වතුරයි නැතුව තියන එක. වතුර දෙන්නේ නගරයක් තැන් දෙක තුනක විතරයි. පෝලිමේ ඉඳලා, නාලා, රෙදි හෝදලා, පුරවගෙන එන්න ඕන. එතකොට සතියකට පස්සේ පරිසරය රැකීමේ පාඩම හොඳට පටන් ගන්න පුළුවන්.

8 years ago @ http://www.gossiplanka... - bÈßfha&se... · 8 replies · +282 points

ඔව් ඉතින් හිතා ගන්න පුළුවන් එක දෙයකි. තව රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ගහන බදු වැඩි කරාවි. ජනාධිපතිතුමෝ, අගමැතිතුමෝ රටේ මිනිස්සුන්ට පටි තද කර ගන්න 24 පැයේම බණ දේශනා කරන ඔබතුමන්ලා පුළුවන් නම් එක දෙයක් කරලා පෙන්නන්න. පුළුවන් නම් ඇමති මණ්ඩලය 50% කින් අඩු කරලා පෙන්නන්න. කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොමගෙ ගාණ දැන් 100 පැනලා. ලොකු ලොකු සංවර්ධනා, ආර්ථික වර්ධන ටෝක්ස් දුන්නට රටේ ආර්ථිකය යන්නේ පල්ලෙහාට.
එනවා කියපු කිසිම ආයෝජනයක් ඇවිත් නෑ. රාජ්‍ය අංශයේ ආයෝජන සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා තියෙන්නේ. පෞද්ගලික අංශය දුවන්නේ පීල්ල උඩ. Break even එකේ තමා ගොඩක් සමාගම් දුවන්නේ. එයාලත් කිසිම අලුත් දෙයකට අයෝජනයන් කරන්නෑ. අලුත් ප්‍රොජෙක්ස්ට් නෑ. අලුතෙන් සේවකයො බඳවා ගන්නෑ. ඉන්න මිනිස්සුන්ටත් පඩි වැඩිවීම්, බෝනස්, ප්‍රමෝශන් වගේ දේවල් නෑ. අන්තිමට රටේ සාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ හින්දා මිනිස්සු අලුත් දේවල් වලට වියදම් කරන්නෑ. අනික අවශ්‍යම දේවල් වලය වියදම් කලාට පස්සේ ඉතිරියක් වෙන්නෑ. දැන් තියෙන්නේ ෆුල් විශම චක්‍රයක්.

8 years ago @ http://www.gossiplanka... - Minister Champika Spea... · 1 reply · +10 points

ගොසිපට බයින්න කලින්, මුලින්ම තමන්ගෙ ඔය පාට කණ්නාඩි කුට්ටම ගලවලා, හොඳට ඇස් දෙක හෝදලා, ආපහු නිව්ස් එක හොඳට කියෙව්වොත් නරකද මහත්තයෝ. මෙතන තියෙන්නේ දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු ටික ඉදිරිපත් කිරීමක් පමණයි. කොතනවත් කියලා නෑනෙ මෙගාපොලිසයා දක්ශයා, ශේෂ්ඨයා, අහිංසකයා කියලා.

අනික කවදාවත්ම දේශපාලඥයන්ගේ හොඳ නරක තරාදි වල දාල කිරන්න යන්න එපා. මූ හොඳයි, අරූ නරකයි, අනිත් එකා ඊටත් නරකයි, ඌට වඩා මූ ගොඩක් හොඳයි වගේ එක එක චරිත සහතික දෙන්න යන්න එපා. අති මහත් බහුතරය නරකයි. ඔක්කොම එන්නෙ තම තමන්ට වැඩ කරගෙන, තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න. ඡන්දෙ දීපු මිනිස්සුන්ට හුලං.

8 years ago @ http://www.gossiplanka... - Dematagoda Chaminda Sh... · 2 replies · +97 points

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා තියෙනවනේ. ඒ වගේ අසාධාරණේ වපුරවපු, අහිංසක මිනිස්සු තලල පෙලලා, අයථා විදියට හම්බ කරපු (සහ දැනුත් කරන) ලොකු ලොකු අයියලට අක්කලට වෙන්නෙත් ඔය ටිකම තමා. සමහර විට බලය, සල්ලි තියෙන හින්දා රැකිල ඉඳීවි. හැබැයි මැරෙණ වෙලාවෙ තමන් එක්ක ඉන්නෙ කරපු පින් පව් විතරයි.

8 years ago @ http://www.gossiplanka... - wmsj úkaokh lf&... · 3 replies · +66 points

මන් දැන් මේ කියන්න යන්නේ මේ ප්‍රශ්ණෙට කෙලින්ම සම්බන්ධ නැති ඒත් වක්‍රාකාරව සම්බන්ධ දෙයක් ගැන. සමස්තයක් විදියට ගත්තොත් දැන්ට වසර කීපයක ඉඳන්, අපේ රටේ corporate world එකේ, වෙන විදියකින් කිව්වොත් වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවයේ බරපතළ බිඳ වැටීමක් තිබෙනවා. මේක එක සමාගම් කීපයකට විතරක් නෙවේ, සමස්තයක් ලෙස බහුතරයක් සමාගම් ඇතුළු සමස්ත corporate world එකටම බලපාල තියෙන ප්‍රශ්ණයක්. දැන් ඉන්න ගොඩක් professionalsගෙ හැකියාව අඩුයි. ටැලන්ට් එකක් නෑ. උපාධි, MBA, MSc, PhD වැහි වැහැලා. පොතේ දැනුම උතුරන්න තියෙනවා. ඒත් ප්‍රායෝගික පැත්ත බින්දුවයි. හැකියාව, දක්ශකම වෙනුවට රජ කරන්නේ පඩ ශෝ එක, හයි ෆයි ෆැෂන් කිරීම, බොරු කයිය, වංගු දැමීම, බොස්ලට හරි දේශපාලඥයන්ට හරි *ක දීලා - දෙකට නැවිලා - *ටට අරන් ප්‍රමෝශන් ගන්න උත්සහ කිරීම වගේ දේවල්. මේ වගේ දේවල් දැන් කාලයක් තිස්සේ එන්න එන්න වැඩි වෙච්ච හින්දා අපේ රටේ හිටපු දක්ශ ගෑනු මිනිස්සු රැසක් දැන් රට දාල ගිහින් තමන්ගෙ සේවය, හැකියාව, දක්ශකම ලබා දෙන්නේ වෙන රටවලට. හරිම අවාසනාවන්ත තත්වයක් [ඉතින් අදක්ශයන් සංවිධානයක කරන දෙයක මේ වගේ බාල වැඩ වෙන එක පුදුමයක් නෙවේ]