Thomasilva

Thomasilva

174p

30 comments posted · 113 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - කොරෝනාව... · 1 reply · +135 points

මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකල යුතුයි. තෙල් නැවක් පරක්කුයි ඇහුනොත් මාසෙකට ෆුල් ටෑන්ක් නොයන එකා ෆුල් ටෑන්ක් කරනවා. අන්තිමට නැති තෙල් හිගයකුත් හදලා වාහනේ ගෙදර නවත්තලා තියෙනවා. මේකත් ඒ වගේ. එදා වේල හොයන් කන මනුස්සය දැන් අමාරුවේ. හැබැයි අන්තිමට ඔය ගොඩගහගත්ත බඩු නරක් වෙලා විසිකරනවා. ජපානයේ දවසක් ලොකු කුණාටු තත්වයක් ඇති වෙලා ප්‍රවාහන කටයුතු අඩපණ වේවි කියලා දැනුම් දීමක් කරා.වෙනත් ජාතිකයන් සුපර් මාර්කට් ඇවිත් බඩු ගොඩ ගහනවා දැක්කම ජපන් ජාතිකයන් දීපු උපදේශය තමයි අනිත් අයටත් ගන්න භාණ්ඩ ඉතුරු කරලා තමන් පරිභෝජනය කරන ප්‍රමාණය පමණක්ම ගන්න කියන එක. අනිත් කෙනා ගැන හිතන ඒ ආකල්පය නිසා කිසිම තැනක කෑම හිග උනේ නෑ ඒ දින කීපයම.

4 years ago @ http://www.gossiplanka... - පාසල් ගු... · 0 replies · +84 points

ආදරය කරන දේවල් කොහොම හරි හිමි කරගන්නම උත්සහ කරනවා මිසක් ඒ දිහා දුරින් බලන් සතුටු වෙන්න දැන් සමාජය පුරුදු වෙලා නෑ. ඔතනයි ලොකුම ගැටලුව. දැන් බලන්න ඒ දවස්වල උන නිර්මාණ වල පවා පෙන්නුම් කරේ ඒ දේවල්. හුලවාලි චිත්‍රපටියේ කියුවේ "ආලවඩන යන තේරුම බෝසත් කම සකී" කියලා. ගීත නිර්මාණය උනේ " කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දෑනෙන්න, මා ගෑන මතකය ගුලි කර මහවෑලියට දමන්න" ඒකට දැන් වෙන නිර්මාණ "උබ මගේ නොවේනම් අඩු තරමින් හත්දවසේ දානෙටවත් වරෙන්" වගේ අදහස් තමයි ඉස්මතු කරන්නේ. ඉතිං වෙන්නේ මතකය මහවැලි ගගට දමනවා වෙනුවට මරල මිනිය මහවැලි ගගට දාන එක.

4 years ago @ http://www.gossiplanka... - හිටපු යු... · 4 replies · +79 points

"ජාතික ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති." මෙන්න මේ දේ ඇත්තටම රටට ආදරයෙන් කරන දෙයක්ද කියලා හොයලා බලලා, ඇත්තක් නම් රටක් ජාතියක් විදිහට එකතු වෙයල්ලා. මුල සිට අගට මේ ක්‍රමය වෙනස් කරන්න සැබෑ උවමනාව තියෙන කෙනෙකුට මෙච්චර සම්පත් තියෙන මේ රට දියුණු කරන්න මේ ණය උගුලෙන් මේ රට ගලවාගන්න එක අමාරු දෙයක් නෙවි. හැබැයි හැමදාම උනේ ලොරි ටෝක් දීගෙන බලයට ඇවිත් උනුත් මේ ක්‍රමයටම ඇබ්බැහි උන එක.

4 years ago @ http://www.gossiplanka... - තුන්දෙන... · 1 reply · +99 points

ගෝට නෙවි මොකා ආවත් මේ සිස්ටම් එක වෙනස් නොවනවා කියන එකට හොදම උදාහරණ තමයි මේ. කෝ අර පොලිතින් කටවුට්‌ නැති සුපිරිසිදු දේශපාලනය. ඒ ප්‍රකාශය කරලා අදට මාසයකට වැඩි. තාම රට පුරා බැනර් කටවුට්. ඔය පක්ෂේ එක බල්ලෙක් ගියද ඒ අබාධිත වෙච්ච ගැණු ළමයා බලන්න? ඔය කරන ප්‍රකාශ ඔක්කොම චන්ද පෙරේත කමට කරන ඒවා විතරයි. අර කතාවක් තියෙන්නේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා. ඒ වගේ මොකා ආවත් වටේ ඉන්නේ එකම සෙට් එක. අපේ මීහරක් ටික හිතන් ඉන්නේ චන්දෙට කලින් උන්ව අයින් නොකරන එවුන්, චන්දෙ දිනලා ඇවිත් ඒ දේ කරයි කියලා.

4 years ago @ http://www.gossiplanka... - ශාරියා ... · 3 replies · +99 points

මුස්ලිම් මිනිසුනේ මෙන්න මේ දේ තේරුම් ගනිල්ලා. මේ ප්‍රශ්නය තියෙන්නේ මුස්ලිම් මිනිස්සු සමග නෙවි මේ රටේ සංස්කෘතියට ගරු නොකරන අරාබි සංස්කෘතියක් නිර්මාණය කරන්න යෑමයි නිසයි. සෑම රටකම ඊට ආවේණික වූ සංස්කෘතියක් තිබේ. හැබැයි තව රටක සංස්කෘතියක් තවත් රටකට ඔබ්බවන්න ගියොත් එතැන වෙන්නේ ගැටුමක්. ඔබලා ඔබලාගේ ආගම අදහන්න, මුස්ලිම් සමාජයේ තියෙන සංස්කෘතිය ඔබ රැකගන්න ඊට සිංහල මිනිසුන් එරෙහි නොවේ. හැබැයි අරාබි සංස්කෘතිය මේ රටට ගෙන ඒමට දරන උත්සාහය නවත්වන්න. එය අවශ්‍යයයි කියනා ඔබේ ජනතාවට මේ රට ලේ විලක් නොකර එම රට වලට ගොස් ජීවත් වන්න කියා දෙන්න. අපේ දේශපාලුවන්ට කියන්න දිවේ ඇට නොනැවෙන දේ ඔන්න ඕකයි.

4 years ago @ http://www.gossiplanka... - මෙවර වෙස... · 1 reply · +44 points

හම්බයන්ට බයේ අපි වෙසක් නවත්තන්න ඕන නෑ. මේ පාර අපි වෙසක් එකට ගමේ ලගම පන්සලට යමු. එතකොට වාහන ඕන නෑ තදබදය නෑ. එතකොට ආරක්ෂාව අපිට බලාගන්න පුළුවන්. හැම ගෙදරකම වෙසක් කුඩුවක් නැත්නම් අඩුම තරමින් බකට් එකක්වත් එල්ලමු. ක්‍රිස්තියානි බහුතරයක් ඉන්න පලාතක්නම් පහන් ටිකක්වත් ගේ ඉස්සරහා පත්තු කරන්න පුළුවන්නේ. පාරේ දීපු දන්සැල් වෙනුවට ගමේ පන්සලේ සිල් ගත්තු අයට සිලන්පස ටිකක් නැත්නම් දවල් දානය පිරිනමමු. ගෙදර තියෙන බෞද්ධ කොඩි ටික එල්ලමු. අලුත් ඒවා ගන්න ඕන නෑ මොකද ඒවා ගෙනල්ලා විකුනන්නේ අපිට කෙලින එවුන්මයි. ඊළගට චෛත්‍ය වටේ රෙදි ඔතන විකරයත් නවත්වමු. ඒ සල්ලි උන්ට නොදී අපි චෛත්‍ය පිරිසිදු කරමු.

5 years ago @ http://www.gossiplanka... - දෙවෙනි ඉ... · 13 replies · +152 points

ලංකාවේ නීතිය අනුව අමල් ඇතුලු පිරිස වැරදිකාරයන් නොවේ. ආරාධිත සේවය සපයන්නන්. ඒත් ඩුබායි නිතිය අනුව මත් ද්‍රව්‍ය පාවිච්චි කරන තැන සිටීමත් මරණ දඩුවම හිමි වරදක්. මම හිතන්නේ ගැටලුව තියෙන්නේ ඔතන. වැරදිනම් නිවැරදි කරන්න.

5 years ago @ http://www.gossiplanka... - මහින්ද න... · 4 replies · +387 points

UNP එක ගැන මගේනම් පැහැදීමක් නැත. ඒ පහුගිය අවුරුදු 3 පුරාවට චක්‍රලේඛයක්වත් හරියට ගසා ගන්නට නොහැකි බව දැක ඇති නිසාවෙනි. නමුත් මේ අධිකරණ තීන්දුවනම් අගය කරමි. මෙමගින් විධායකය පිස්සු නැටීම මගින් විනාස උන රටේ කීර්ති නාමය, අධිකරණය මගින් තවමත් මේ රට ප්‍රජාත්‍රන්තවාදී නිතිගරුක බවක් යම් ලෙසකින් හෝ පෙන්වීමට හැකි වූ නිසාවෙනි. අය වැය පැරදුවානම් මේ කිසි අවුලක් නොවනු ඇත.

5 years ago @ http://www.gossiplanka... - මහින්ද ර... · 1 reply · +57 points

වෙනම ඉල්ලලා මන්ත්‍රීන් 2-3 ආවත් ඇතිනේ. උන් එක්ක ජාතික ආණ්ඩු ගිවිසුමක් ගහ ගත්තා නම් හිටු කියල ඇමතිකම් දෙන්න පුළුවන්නේ. නැත්නම් ඇමති මණ්ඩලේ 30යි ප්‍රශ්න ගොඩයි. ජනාධිපති අපේෂකයෝ 2020 දෙපැත්තෙන් දෙන්නයි සිරා සෙත්ත පෝච්චි ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඔන්න බලන්න ඕක තමයි ගේම. හැබැයි ඉතින් මේ යන විදිහට ජාතික ආණ්ඩු නාවත් ඇමති මණ්ඩලේ වැඩි කරලා ඔය මගුල් විවස්ථාව කැඩුව කියල කරන්න පුළුවන් දේකුත් නැහැනේ.

5 years ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 3 replies · +239 points

ඕක අහන්න දෙයක්ද 113 නැති නිසානේ. පාර්ලිමේන්තුවේ බලය තියෙනවනම් වෙන කතා නායක කෙනෙක් පත්කර ගන්න පුළුවන්නේ.