පිළිකාවක් කකුළේ හැදුන විට කකුළ x-ray ගන්නවා, බැරිම නම් කපලා දානවා. මනසට? ප්‍රතිකාර සීමිතයි. රෝගියා අඩපණ කිරීම, නිදිකිරීම, නිද්‍රිත හෝ පියවි සිහියෙන් මනසට යෝජනා කරවීම තමා බොහෝ විට වෙන්නේ. මානසික ලෙඩ තියෙන අයට සමාජයේ ජීවත් වෙන්නට අරින්නේ ලෙඩට බෙහෙත් නැති නිසයි. මොනවා හරි වුනහම මිනිස්සු බලන්නේ කවුරුන් මත හෝ දොස් පවරන්න. වෛද්‍යවරයාට, දෙමාපියන්ට, ආදීවශයෙන්. නමුත් මේ හැමදෙයක්ම අයිති ස්වභාව ධර්මයට. අපි මැවුම්කාර දෙවියන් නොවන බව මිනිස්සුන්ට අමතකවෙනවා. මේ සිද්දියේ අමුත්ත, චතුරංග මිනිස්සුන්ව මග හරිමින් පාළු තැනක් හොයාගෙන හතර තැනකට යනවා. උගත් බුද්ධිමත් කෙල්ලෙක්ට සැක නොසිතේද? බෙල්ලට දෙපාරක් කෙටුවා. පැනලා ගෙදරම ගියා. නමුත් පණ නහන්න බයයි. එකම පෞරුෂයක් තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දෙකක් ඉතාමත් වේගයෙන් ඉස්මතු වී බිඳී යනවා. මාරයාගේ මොහොත පැමිණෙමින් තිබුණු නිසාත්, කර්මයෙන් ගැලවී බේරිය හැකි තැනක් නැති නිසාත් නිසාත් ඒ දේවල් එහෙමම වෙන්න ඇති. වෙන කුමන පිළිතුරක් දෙන්නද?
ගෑනිව මරුවා, මිනිහාව මැරුවා, දරු දෙන්නාව මරලා තාත්තා එල්ලුනා..ඕවා ලංකාවෙත් ඇහෙන, පිටරට ඉන්න ලාංකිකයන් ගෙනුත් ඇහුන කථා. කොහේ හිටියත් ජීවිතයේ යථාර්තය දැකීමයි දක්ෂකම. බොළඳ අදහස්, හීනෙන් දැක්ක දෙයක් වගේ ඉවරවෙන අසාවන්, සහ ඒවාට වහ වැටිලා ගෙවෙන ජීවිත හරියට පහන් දල්ලට අහුවෙන පළගැටියෝ වගේ, ලෝකේ කොහේ හිටියත් සැනසීමක් නෑ.
ශිෂ්‍යත්වයක් හරි රස්සාවක් හරි හොයන් අවංකව රටකට ආව මිනිස්සු දන්නවා ඒවා ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද කියලා. ඉන්දියන්, චීන වගේ අනිත් හැම රටකම මිනිස්සු එක්ක තරඟ කරන්න එපැයි. ඒ වගේ අවස්ථාවක් ගන්න. බෑ කියනවා නෙවෙයි, හැකියාව තිබුණ හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒකයි ඇත්ත. තමන්ගේ දේපොළ විකුණලා ඒ සල්ලි ටික අරං පිට රට විශ්ව විද්‍යලෙක පාඨමාලා ගාස්තු ගෙවන එක වැඩි දෙදෙනක් කරන්නේ. හැබෙයි ඒකෙන් වෙන්නෙත් තව තව රටේ සල්ලි පිටට ඇදෙන එක පමණයි. ඒ වගේම දරු මල්ලෝ බලාගන්න ගමන්, part time කරගෙන ඉතුරු ගාස්තු හොයන්න ගියහම ඇතිවෙන අර්බුද එමටයි. ඉවසීමෙන්, කල්පනාවෙන්, ජීවිතය ගැටගහ ගන්නවට අමතරව පරලොවට වත් දෙයක් රැස් කරගන්න හිත හදා ගන්නයි තියෙන්නේ.
මහාචාර්යය ලා මුළු ලංකාවටම 150ක් ඇති. විභාග උඩින්ම පාස් වෙලා, ලෝකෙටම විද්‍යාත්මක සේවයක් කළ කෙනෙක් මහාචාර්යය වෙන්නේ. බලන් ගියාම විද්‍යාත්මක සේවය නොකරන වෙලාවට උන්දලා.... උඹලා හිතන්නේ කුණුහරප වෙබ්සියිට් බැලුවට මොකුත් වෙන්නේ නෑ කියලද? ඉතාම බරපතළ දේවල් වෙනවා. මනස කියන්නේ අනාත්ම ස්වභාවයෙන් යුතු ඉන්ද්‍රියක්. මනසට වැටෙන්නේ කුණු නම් එයින් පිට වෙන්නෙත් කුණු. තමන්ටත් තේරෙන්නෙම නැතුව ජීවිතයම කුණුගොඩක් වෙනවා. ඒකට මහාචාර්යද, දොස්තරද, කුලපතිද, ජනපතිද, කියලා අදාළ නෑ. මනස ගැන ඉගෙන ගත යුත්තේ මනස ගැන අවබෝධ කළ කෙනෙක්ගෙන්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේට පමණක් දෙවියන්ට මිනිසුන්ට ශාස්තෘන් කියන්නේ.
ලංකාවේ වතුකරයේ දරිද්‍රතාවය වැඩියි. ඒ වගේම ආයු අපේක්ෂාවත් අඩුයි. නුගත් කම, බීමත් කම, නිසි පෝෂණයක් නොලැබීම ප්‍රධාන ගැටළු. අවාසනාවකට වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න පෙන්නලා ඒ අයගේ කර මතින් පාර්ලිමේන්තු ගිය කිසිම ද්‍රවිඩ දේශපාලකයෙක් ඔවුන්ගේ ප්‍රශ්න මේ විසඳුවේ නෑ. මේ මිනිස්සු පීඩාවෙන් හිටියොත් තමා දේශපාලකයන්ට රැවටෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට ගොඩ යන්න දෙන්නේ නෑ. පාගානවා.
ආර්ථික අපහසුතා නිසා අල්ලස් ගැනීම වැඩි වෙලා කියන කථාවේ හරය මොකද්ද? අල්ලස් ගැනීම වැඩිවෙලා නම් අල්ලස් දීමත් වැඩි වෙලා. අනිත් එක ආර්ථික අර්බුදය නිසා වැඩියෙන්ම අපහසුතා ඇති වෙන්නේ කුළී වැඩකරන මිනිස්සුන්ට මිසක් රාජ්‍යය සේවයේ නිලධාරීන්ට ද? අල්ලස් සම්බන්ද පැමිණිලි විභාග කරලා සාක්ෂි ඇතිව ඔප්පු කළ සංඛ්‍යාව ගිය වසරට වඩා මේ වසරේදී වැඩියි නම් එයින් පෙනෙන්නේ සමාජයේ ගුණධර්ම පිරිහීමේ වේගය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපය අනිත්‍යයි, දුකයි අනාත්මයි, ඒ නිසා රූපය කෙරෙහි ඇති ඇල්ම දුරු කරගත යුතුයි කියලා. අපිත් ගිරවු වගේ ඒ වචන ටික කටපාඩම් කරනවා. නමුත් ඇත්තටම අනිත්‍යය වූ දේ කොයි උපක්‍රම කරත් අපි ළඟ තියා ගන්න බැරිවෙද්දී, හට ගන්නා ශෝකය, වැළපීම කොයිතරං නම් බරපතළ කාරණයක් ද? මේ අම්මාගේ හිත හදන්න පුළුවන් කෙනෙක් නෑ නේ. සමහර අම්මලා දරු දුකෙන් පිස්සියෝ වෙනවා. ඒ තරම් දුක්ඛිත, අනතුරු සහිත ඉරණමකට ගොදුරු වෙලා ඉඳගෙනත්, අපි වගේ වගක් නැතිව ප්‍රමාදයෙන්ම කල් ගෙවනවා. දුක් දේම සැපයි සැපයි කියලා බදා ගන්නවා. අන්ධයෝ වගේ, නැසෙන වැනසෙන දේම පතනවා. බන පදයක් අහන්නේ නෑ. සිල් පදයක් සමාදන් වෙන්නේ නෑ. සසර කෙටි කරගැනීමක් ගැන කථා කරන්නේ නෑ. ඇයි ඒ? ජීවිතයේ යථාර්තයට මුණදෙන්න හයිය නෑ. ඒ තරම් යථාර්තය වේදනාකාරියි.
මෙතන තිස් දෙනෙක් ඇල්ලුවා කියන්නේ දෙමාපියන් 60 දෙනෙක්. භාර්යාවෝ, දරුවෝ, සහෝදර සහෝදරියෝ එකතු වුනහම සමාජයේ කී දෙනෙක් නම් අපහසුතාවයට පත්වෙනවද? පොඩ්ඩක් ද පාටියක්ද කිසිම දෙයක් අදාළ නෑ නේ. මත්ද්‍රවයය පාවිච්චි කරලා පාරවල් අයිනේ, කාණු පල්ලේ වැටිලා ඉන්න තරුණ තරුණියෝ දැකලා තියෙනවා නේද? තනියම දොඩවනවා, හිනා වෙනවා, අමුතු අමුතු විදිහට ඇඟ නමනවා, දිගරිනවා. මම දවසක් දැක්කා කෙනෙක් කුඩු ටිකක් කොලේ තියාගෙන ඒකට සුරුට්ටුව ලංකරගන්න දඟලනවා, දඟලනවා බෑ. අත පය අඩුපාඩු නැතුව, නිරෝගීව ඉපදිලා තරුණ වයසට ආවට පස්සේ මානසික ඇබ්බැහිය නිසා වැනසෙන ජීවිත.
දැන් ඉතිං ගේට්ටුව බලා ගන්න මිනිහා පිටිං දාල ඒ මිනීමැරුම ත් යට ගහයි. කැකිල්ලේ පරම්පරාවෙන් එන නඩු කාර උත්තමයෝනේ.
ලංකාවේ අමුතු ක්‍රම හින්දා තමා ලෝකේ වෙන කෝහේවත් නැති අමුතු ප්‍රශ්න හැදෙන්නේ. private ගියොත් කිසි හේතුවක් නැතුව අම්මලාගේ බඩවල් කපනවා. සැත්කමේ ගාන කඩා ගන්න. අම්මා කැමති වුනත් normal ගන්න දෙන්නේ නෑ. මේව බොරුද? මේවා අපේ අත්දැකීම්. ඒ වෛද්‍යවරයා මගෙන් ඇහුවා ලෙඩේ මොකද්ද කියලා, අඩුම ගානේ පෙනහළු පරික්ෂා කරෙත් නෑ . කලින් ලියාගෙන තිබුණු බෙහෙත් තුණ්ඩුවක් දුන්නා. ඇයි මීට කලින් අහලා නැද්ද? ලංකාවේ clink වල බෙහෙත් දෙන්නේ එහෙම තමා.