බකමූණා

බකමූණා

110p

45 comments posted · 29 followers · following 0

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 1 reply · +2 points

පාහියන්ගල හෝ බලන්ගොඩින් සත්මහල් ප්‍රාසාද හදන තාක්ෂණයක් ගැන හමු වුනේ නෑ. ඒ කාලයට සාපේක්ෂව දියුණු ලක්ෂණ තමයි පෙන්නුවේ. අනුරපුර නටබුන්වලට යටින් තවත් නටබුන් තියෙන්න පුළුවන්. ඒවා කොයිතරම් පැරණිද කියල carbon නිර්ණය කිරීම් වලින් දැනගන්නත් පුළුවන්. මනිඅක්ඛිත මැණික් පුටුව ගැනත් සාහිත්‍යමය වශයෙන් හැර වෙනත් සාක්ෂි නෑ. සෙල් ලිපියක් පරිවර්තනය 100% සාර්ථක නෑ. අනික සෙල් ලිපි වල තියෙන දේ ස්ථිරවම සිද්ධ වුනා කියන්න බෑ. වාල්මිකීගේ සාහිත්‍ය නිර්මාණයක තියෙන චරිත ඇත්තටම හිටි බවට කිසිම සාක්ෂියකුත් නෑ.

සංස්කෘතික පරිණාමයේ අපට පැහැදිලි කාලයට කලින් යුගය තමයි ගෝත්‍රික ජනාවාස කියන්නෙ. සංස්කෘතික හෝ තාක්ෂණික පරිණාමය අවරෝහණ ක්‍රමයට ඉදිරියට යන්න බෑ කියලයි මට හිතෙන්නෙ.

11 years ago @ Gossip9.com - පූජ්‍ය ... · 0 replies · +8 points

ඕක පනතක් විදිහට එන එක හෝ උසාවියෙන් අහන එක ටිකක් හරි මදියි. මේක වැඩියෙන්ම බලපාන්නේ බෞද්ධයන්ට නිසා මහනායක හිමිවරු මේගැන තීරණයක් ගත්තනම් හොඳයි. පාර්ලිමේන්තුවේදී පුද්ගලික යෝජනාවක් තුනෙන් දෙකෙන් සම්මතවෙන එක අමාරු නිසා මේක හරියන එකක් නෑ. උසාවියෙන් නම් මීටකලින් භික්ෂූන්ට driving ලයිසන් ඉල්ලපු වෙලාවේ එක නුසුදුසු බව තීරණය කරා. එක නිසා උසාවි ගියොත් මෙතනදීත් එහෙම වෙන්න පුළුවන්.
හැබැයි මේ හැමතැනදිම කතා කෙරෙන්නෙ හාමුදුරුවෝ ගැන විතරයි. අනිත් ආගමික පූජකවරු මේවට සම්බන්ධ වෙන්න කැමති නෑ වගේ.

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 3 replies · +2 points

කුවේණි කියල කෙනෙක් හිටිය කියලම හිතමුකෝ. එයා ප්‍රභූ කාන්තාවක් විදිහට හඳුනාගන්නේ කොහොමද? ගෝත්‍රික ජනකොටසක ප්‍රභූන් කියල වෙනම කොටසක් සිටීම වෙන්න පුළුවන්ද? උන්ගේ නායකයෝ අනිත් අයගෙන් ප්‍රභූන් විදිහට සංස්කෘතික වෙන්වීමක් නෑ. ඒ වෙන්වීම එන්නේ ඉන්දියාවෙන් කුල භේදයත් එක්ක. සත්මහල් ප්‍රාසාද හදන්න දියුණු තාක්ෂණයක් ගැන කියවෙන්නේ ඔය කියන කුවේණිගේ කාලෙට ගොඩක් පස්සෙ.

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 6 replies · +10 points

උඹ කියන කතාව වැරදියි. පුරාණ ලංකාවේ උඩු කයට ඇඳුම් ඇන්දේ කුලීන කාන්තාවන් විතරයි. ජංගි ගැනනම් කිසිම තැනක සඳහනක් දැකල නෑ.

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 0 replies · -18 points

උඹ කියන විදිහට විපක්ෂ නායකතුමාගෙන් දේශපාලන හැසිරීම ගැන උදාහරණ ගත්තොත් General ගෙ අවසානය තමයි.

11 years ago @ Gossip9.com - ක්‍රික... · 0 replies · +5 points

Wrong! Please find the facts who sponsored for Malinga's medical treatments when SLC didn't pay attention. As I can remember Malinga spoke about it in an interview with a foreign news paper.

11 years ago @ Gossip9.com - ක්‍රික... · 0 replies · -2 points

මේ News එක වැරදියට දාල තියෙන්නෙ. අවුරුදු දෙකකට තහනම් කරන්න යන්නේ කොන්ත්‍රාත් අත්සන් නොකරන අය නෙවෙයි. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන අය. ඒ දෙක අතර වෙනසක් තියෙනව.

11 years ago @ Gossip9.com - රටට වින ... · 0 replies · +25 points

ඉස්සර නම් ආණ්ඩු විවේචනයට විකල්ප පුවත්පත් කියල දෙයක් තිබුණා. ඒත් ඒවා පවත්වාගෙන ගිය සමහරුන්ට උනේ නිකරුනේ මරුම්කන්න. අද වෙනකොට තත්වය තවත් දරුණු වෙලා. ඒකයි ආණ්ඩු විවේචනය කරන වෙබ් සයිට් වලට වැඩි ඉල්ලුමක් තියෙන්නෙ.
නමුත් සමහර සයිට් වල දාන දේවල් නම් බැලන්ස් නෑ. එක කණ්ඩායමක මතවාදය පටවන එකයි එකට විරුද්ද අය විවේචනයයි විතරයි කෙරෙන්නෙ. දාන නිවුස් බැලන්ස් නැත්නම් හරි වැරදි නම් ඒ සයිට් ගැනමිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙනවා. යම් නිවුස් එකක් හෝ රටේ ප්‍රවණතාවයක් නිවැරදිව වාර්තා කරලා ඒ ගැන සංවාදයක් ඇතිකරන එකයි කෙරෙන්න ඕන.

11 years ago @ Gossip9.com - අද නිදහස... · 1 reply · +8 points

Chamz_, උඹ කියන දේ ඇත්ත. ඒවගේම රනිල්ගේ diplomatic ගතියෙන් රටට වැඩක් ගන්න තිබුන. කොහොමටත් ලංකාවේ පාලකයා පවුල් බරින් තොර වෙන එක සෑහෙන හොඳයි. රනිල්ට රාජ්‍ය බලය ලැබෙන්න තිබුනෙ චන්ද්‍රිකාගේ පලවෙනි ධුරකාලයෙන් පස්සෙ. එහෙම උනානම් රටේ සෑහෙන සුභදායී වෙනස්කම් වෙන්න තිබුන.
එත් මෑතකාලයේ දිගටම මැතිවරණ පරාදවීම නිසා රනිල් ගේ සංයමය අඩුවෙලාද කියල හිතෙනව. පක්ෂ නායකත්වයට අභියෝග එනකොට වැඩ කරපු විදිහෙන් රනිල්ගේ චරිතයට පලිගැනීම, ආත්මාර්ථය වගේ දේවල් එකතුවෙලා වගේ තමයි පේන්නෙ.
කොහොම උනත් රනිල් කියන්නේ අපතේ ගිය සම්පතක් (wasted talent) බවයි මගේ අදහස.

11 years ago @ Gossip9.com - අද නිදහස... · 0 replies · +16 points

අද හුඟක් ජනමාධ්‍ය බැලන්ස් නෑ තමයි. ජනමතයක් ඇතිකරන්න මැදිහත් වෙන්න මේකාලේ ජනමාධ්‍ය ඉස්සරහට එන්නේ නෑ. නමුත් ජනමතය ඇති කරන එක ආරම්භ කරන්න විපක්ෂයට ලොකු වගකීමක් තියෙනව. ඒ දේ අද වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. විපක්ෂ මතය ගෙනියන්න මාධ්‍ය කීපයක් තිබුනත් අද වෙනකොට ඒ අයගේ මතයත් වෙනස් වෙමින් යන්නෙ විපක්ෂයේ දුර්වල කළමනාකරණය නිසා. ඉස්සෙල්ලම රටේ සිදුවෙන වැරදි දේවලට එරෙහිව බලවේගයක් ගොඩනගන්න හොඳ නායකත්වයක් ඕන. නැත්නම් ඔය කියන කතා නිකම් කතාම විතරයි.