අතීතය සහ අනාගතය

අතීතය සහ අනාගතය

203p

57 comments posted · 10 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - මහින්ද අ... · 0 replies · +41 points

මේක තමා දේශපාලනය කියන්නෙ. දේශපාලකයන්ට සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. සාමාන්‍ය ජනතාවට ඇති ලැජ්ජාව ඔවුනට නැත. ඔවුනට ඇති එකම අරමුණ බලය රැකගැනීම පමණි. ඒ ජනතාවට සේවය කිරීමට නොව තමන්ගේ සහ තම පවුලේ සුඛවිහරණය සදහාම පමණි. බලය වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කිරීමට ඔවුන් දෙවරක් සිතන්නේද නැත. මේ ටික තේරුම් ගැනීමට නොහැකි සාමාන්‍ය ජනතාව අදටත් පාට පක්ෂ වලට බෙදී උන් උන් මරාගනිමින් මෙවැනි දීන දේශපාලකයන්ට ඔවුන්ගේ සුඛවිහරණයට මග සදා දෙති. අපි අදටත් බුදුන් දෙසු ධර්මය අවබෝද කර නොගත් බෞද්ධයන් වෙමු.

6 years ago @ http://www.gossiplanka... - සිල් රෙද... · 1 reply · +316 points

හාමුදුරුවනේ එක එකාට කඩේ ගියාට කමක් නෑ, ඔය දරාගන ඉන්න සිවුරේ ගෞරවය රකින්න බැරිනම් කරුණාකරල ඕක ගලවල පැත්තකින් තියල ගිහියෙක් විදියට නටන නාඩගමක් නටාගන්න. සංඝරත්නය කියන්නෙ දේශපාලකයන්ගේ අතකොලුවක්වත් හෙන්චයියලවත් නොවෙයි කියන එක ඔබ වහන්සේලාට මතක් කරලා දෙන්න දැන් ගිහි අපට සිද්දවෙලා. ඕන දේටයි එපා දේටයි හැම එකටම බුද්ධාගම ගාවගන්න එපා. අපිත් බෞද්ධයෝ එත් හාමුදුරුවනේ අපිට හොරු, මැරයො මංකොල්ල කාරයො, අසරණ ජනතාවගෙ සල්ලි විනාශ කරල, ඒවගෙන් සුරසැප විදල, ඒවට නීතිය ක්‍රියාත්මක වුණාම ඒ වැරදි කාරයො වෙනුවෙන් මහන්සියෙන් උපයගත්තු දේ පුජාකරන්න කිසිම ඕනෑකමක් නෑ.

7 years ago @ http://www.gossiplanka... - සිරස නිව... · 25 replies · +943 points

මෙතුමා කරන ප්‍රකාශ ඇහුවම හිතෙනව රටක අගමැති කෙනෙක්ද මේ කියල. කිසිම වගකීමක් නැතිව මිනිස්සුන්ව නොමග අරින්න පුළුවන් තරම් නොමග ඇරල අන්තිමට වැඩේ කොහෙන් හරි එළිවුණාම කිසිම ගැලපීමක් නැති කතාවක් කියල ලිස්සල යනව. සිරස මේක ඔබතුමාගෙන් අහනකන් ඉන්න ඕන නෑ නේ ඔබතුමා අවංක යහපාලකයෙක්නම් කරන්න ඕනේ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙන එක නේ. අනික වොක්ස්වැගන් ආයතනයේ අනුදැනුමක් නැතුව මෙතුමා කොහොමද වොක්ස්වැගන් වෙළද නාමය පාවිච්චි කරල ලංකාවෙ වාහන එකලස් කරන්නෙ? වොක්ස්වැගන් ආයතනය මේ සදහා ආයෝජනය නොකලත් එම සමාගමේ අනුමැතියකින් තරව මේ වැඩේ කරන්න පුලුවන්ද?

7 years ago @ http://www.gossiplanka... - ඩිල්රුක... · 5 replies · +395 points

පාට, පක්‍ෂ භේදයකින් තොරව කතාකළහොත් ලංකාවේ දේශපාලනය ඉතාමත් හිරිකිතයි. මේ හිරිකිත, ඕජස් ගලමින් ගදගහන දේශපාලනය තුල දේශපාලන පත්වීම් ලබන නිලධාරීන්ගෙන් අපක්ෂපාතී සේවයක් බලාපොරොත්තුවීම හරියටම කිසිවකු නොමල ගෙයකින් අබ සෙවීමක් වැනි. නියම යථාර්තයනම් මේ දේශපාලන නායකයන් දේශපාලන වේදිකාව මත කුමන අයුරින් එකිනෙකාට මඩ ගසගත්තද කිසිම දිනක තමන්ගේ පැලැන්තියේ අයට අකටයුත්තක් කරන්නේ නැත. මේ සියලු පරීක්ෂණ හුදෙක් රගපෑමක් පමණි. මේවායේ අවසානයේ කිසිම නමගිය දේශපාලුවෙකු දඩුවම් නොලබන බව සක්සුදක් සේ පැහැදිලිය.

8 years ago @ http://www.gossiplanka... - uyskaof.a rchlska rdcH... · 1 reply · +38 points

රටක සංවර්ධනය කියන්නේ ඒ රටේ ආර්ථික සහ සමාජීය යන අංශ දෙකේම සිදුවන සන්වධනයටයි. ඒ සදහා අඩුම තරමේ වසර 35 ක පමණ සැලැස්මක් (Master Plan) තිබියයුතුයි. ඒ සැලැස්ම හදන්නඑක දේශපාලකයන්ට තනිවම කරන්න බැහැ. එක කරන්න ඕන අපේ රටේ ඉන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තීයවේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගිනුයි. දේශපාලකයන් කරන්න ඕනේ ඒ සැලසුම හදන්නඑක ඇරඹීම සහ සැලසුම සකස් කලපසු එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පරිසරය සකස්කිරීමයි.
නිදහසෙන් පසු වසර 67 ක් අපේ රට පාලනය කල කිසිදු දේශපාලන පක්ෂයකට මෙවැනි දෙයක් ගැන සිතීමටවත් අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඔවුන් සියලුදෙනාම දිගින් දිගටම කලේ රට අගාධය කරා ගෙනයාම පමණකි. කුමන පක්ෂයක් මීළඟ මැතිවරණයෙන් බලයට පැමිණියද ඔවුන්ගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ මෙවැනි සැලසුමක් සකස්කර එය ක්‍රියාත්මක කිරීමේ මුලික පියවර තැබීමයි. එසේ නොමැතිව මේ ආකාරයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් හෝ චන්ද පොරොන්දු ක්‍රියාත්මක කිරීම තුලින් තාවකාලිකව ජනතාව තෘප්තිමත් කිරීම මිස රටට සිදුවන යහපතක් හෝ සංවර්ධනයක් නැත.

8 years ago @ http://www.gossiplanka... - UPFA Feedback After Th... · 47 replies · +670 points

දැන් රටේ ඉන්න මොලයක් තියන බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන මෛත්‍රීපාල මැතිතුමාට අවශ්‍යවෙලා තියෙන්නේ මොකද්ද කියන එක. ඔහුගේ එකම අරමුණ ඊළඟ පාර්ලිමේන්තුවේ බලය UNP එක ප්‍රමුඛ එතුමාව බලයට ගෙනඒමට ක්‍රියා කල පාර්ශවයට ලබාදීමටයි. එක් පැත්තකින් බැලුකල එය සාධාරණය. මක්නිසාදයත් තමන්ට බලයට ඒමට සහයෝගය දුන් පිරිසට තමන්ද පෙරලා කෘතගුණ දැක්විය යුතුය. නමුත් එතුමාගේ කතාව තුල තහවුරුවුනු එකම දෙය එතුමා කිසිම දෙයක් කරකියාගන්න නොහැකි පුද්ගලයකු බවට පත්වී ඇත යන්නයි. මම රනිල්ට කිවුව මහබැංකුවේ සිද්දියට අර්ජුන් මහේන්ද්‍රව අයින් කරන්න කියල එත් එයා එක කලේ නෑ.
රටේ ඉහලම තනතුරු දරන පුද්ගලයෙක් මෙවන් ප්‍රකාශයක් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? යහපාලනයට වගකිව යුත්තා ඔබයි. එහි සිදුවන හොද දේ වගේම නරක දෙයත් ඔබගේ වගකීමක්. ඒ නිසා රටේ ජනාධිපති ලෙස ඔබගෙන් මෙවැනි දියාරු ප්‍රකාශ ජනතාව කිසි විටකත් බලාපොරොත්තු නොවේ. සෘජු තීරණ ගන්න. එය රටේ යහපත වෙනුවෙන්නම් ජනතාව ඔබ සමගයි. එහෙම නැති වුනොත් ඔබට දුන් මේ ජනවරමෙන් ඇති ප්‍රතිපලය කුමක්ද?

8 years ago @ http://www.gossiplanka... - Maithri To Step Down f... · 21 replies · +345 points

මෛත්‍රීපාල මැතිතුමනි ඔබ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්නම් එය 200%ක් නිවැරදි තීරණයකි. එමෙන්ම ඔබ ලග එන මහමතිවරනයෙදී රටේ ජනාධිපති ලෙස ස්වාදීනව කටයුතු කරනවානම් එය තවත් අගනේය. ඔබේ සැබෑ අරමුණ රටේ යහපාලන ඇතිකිරීමනම් ඔබ කලයුත්තේ චන්දදායකයාට තමන්ගේ මතය ස්වාදීනව ඉදිරිපත් කිරීමට ඉඩ දීමයි. ඔබ ජනපති ලෙස තෝරා පත්කරගත්තේ රට වෙනුවෙන් වැඩ කිරීමට මිස ශ්‍රී ලංකා නිදහස්පක්ෂය හෝ UNP ය වෙනුවෙන් වැඩකිරීමට නොවනබව තරයේ මතක තබාගතයුතුය.

ඔබේ ඒකායන පරමාර්ථය වියයුත්තේ යහපාලනය වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් සකස්කිරීම සහ එය ක්‍රියාවට නැංවීමයි. පසුගිය දින 160 ක කාලයතුල සිදුවුයේ UNP ය ඉදිරි මැතිවරණය සදහා තමන්ගේ චන්ද ගොඩ වැඩිකරගනීමට අවශ්‍ය වටපිටාව සකස්කිරීමකි. මේ අවස්ථාවේදී රටට අවශ්‍යවන්නේ යහපාලනය සදහාවන ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාවට නැංවුවහොත් කුමන පුද්ගලයා පාර්ලිමේන්තුවට පැමිණියත් ඔහුට ඊට අනුගතවීමට සිදුවෙයි. ඒ නිසා ඔබගේ පාලන කාලයතුල එම ක්‍රමවේදය සකසා ක්‍රියාවට නංවන්න.

8 years ago @ http://www.gossiplanka... - ux., hQfla .syska vhia... · 8 replies · +321 points

ගෝලීය දෙමළ සංසදය එහෙම නැත්නම් Global Tamil Forum කියන්නෙ 2009 LTTE එක පරාජය කලාට පසුව LTTE එකේ ප්‍රධාන සටන්පාටය වුනු ශ්‍රී ලංකාව තුල වෙනම රජයක් අවශ්‍යයි කියන හඩ ඉස්සරහට ගෙනියන්න 2010 දී පිහිටවපු සංවිධානයක්. මේක හදල තියෙන්නේ LTTE එක විසින් රටවල් 15 ක පවත්වාගන ගියපු දෙමල ඩයස්පෝරා සංවිධාන 15 ක් එකතුවෙලා. ඒ කියන්නේ තව විදියකින් කියනවනම් මේ ශ්‍රී ලංකාව තුල යුද්ධයෙන් පරාජය කරපු ත්‍රස්තවාදී සංවිධානයේ ගෝලීය ක්‍රියාකාරීත්වය.
මෙවැනි සංවිධානයක් සමග ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පවත්වන සාකච්ඡාව කුමක්ද? මෙය රජයේ අනුමැතිය ඇතිව පවත්වන ලද සාකච්ඡාවක්ද? එසේනම් වර්තමාන රජය මේ හරහා ගමන් කරන්නේ කුමන දිශාවකටද? වර්තමාන රජය ශ්‍රී ලාංකීය දෙමල ජනතාවගේ නියෝජිතයා ලෙස මෙම LTTE ය යටතේ පාලනය වන ගෝලීය දෙමළ සංසදය පිළිගන්නවද?
දෙමල ජනතාවගේ ප්‍රශ්න වලට විසදුමක් ලබාදිය යුතුයි. නමුත් රජයේ පරම වගකීම විය යුත්තේ ශ්‍රී ලංකාව තුල හෝ ලෝකය තුල LTTE ය හෝ LTTE යෙන් පෝෂණය වන සංවිධාන වලට නැවත හිස එසවීමට නොදීමයි.

8 years ago @ http://www.gossiplanka... - Ysrka;s fjk ;ekl lgW;a... · 20 replies · +325 points

මේක තමා තිත්ත ඇත්ත. ලංකාවේ දේශපාලනයේ විවිධ නම් වලින් පක්ෂ තිබුනට මේව සියල්ලේම ඉන්නේ එකම පන්තියක පිරිසක්. ඔවුන් කරන්නෙ දේශපාලන වේදිකාවේදී මඩ ගහගන්න එක විතරයි. සැබෑ ජීවිතයේදී මොවුන් සියලුදෙනා හොද මිතුරන්. මේ සියලුම දෙනා වැඩකරන්නෙ ඔවුන්ගේ පන්තිය රැකගන්න. මේ මිනිස්සු සාමාන්‍ය ජනතාව ඉස්සරහ කරන්නෙ තනිකරම බොරුවක්. තමන්ගේ පන්තිය රැකගන්න මේ මිනිස්සු සාමාන්‍ය ජනතාව මුලා කරනව. මේක මහින්දට, රනිල්ට විතරක් අදාල කාරණයක් නොවෙයි. මේවා ගැන මේ වේදිකාවේ කෑ ගහන අනුර කුමාර කරන්නෙත් මේ ටිකම තමයි.
ඇත්තටම සාමාන්‍ය මිනිස්සු විදියට අපි පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ දැන්. අපි හැමදාම කරන්නේ මුන්ගෙ නාඩගම් බලන එක තමා. අපි මහන්සිවෙලා හම්බකරල ඒවගෙන් වැඩි කොටසක් බදු විදියට ගෙවනව. අපි හරියට කන්නේ නැතුව, අදින්නේ නැතුව ඒ ගෙවන බදු වලින් මුන් සුඛවිහරණ ලබනව. සාමාන්‍ය මිනිස්සු විදියට අපේ ජීවිත එන්න එන්නම අගාධයට යනව.

8 years ago @ http://www.gossiplanka... - ,xldfõ /lshdjg ... · 3 replies · +94 points

රැකියාවකට යාහැකි අවම වයස වැඩිකලා කියල එකෙන් කිසිම ප්‍රථිපලයක් ලැබෙන්නේ නෑ. ඊට කලින් හොයල බලන්න ඕන ඇයි ළමයෙක් වයස 14 දී හෝ 16දී වගේ අඩු වයසකදී රස්සාවකට යන්නෙ කියන එක. මම දකින විදියට එකට ප්‍රධාන හේතුව දුප්පත්කම. සමහර වෙලාවට පවුලේ වැඩිමහල් ළමය රැකියාවක් කරලා තමයි තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට කන්න දෙන්නේ උගන්නන්නේ. නමුත් මේ වැඩේ කලාම වෙන්නේ තවත් අවුරුදු දෙකක් ඒ පවුලේ ඔක්කොම ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා.
මෙහිදී ඇත්තටම කරන්න ඕනේ මේ වගේ ළමයින්ව හදුනාගන ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවලට යම් සහනයක් ලබාදීම සහ ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගන යාමට සුදුසු වටපිටාවක් සකස්කරදීම සහ ඒ සදහා දිරිගැන්වීම. තවද මෙවැනි ළමයින් අධ්‍යාපනයට දුර්වලනම් සහ ඔවුන්ට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ ඉදිරියට යන්න හැකියාවක් නැත්නම් ඔවුන් සදහා සුදුසු වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කිරීම. එහෙම නැතුව කිසිම අගල් මුලක් නැතුව මොනවා හරි කලා කියල කියන්න මේවගේ දෙයක් කරන එක නෙමෙයි.